GMOA මහත්වරුනි.. පොඩ්ඩක් හරි ක්‍රියේටිව් වෙන හැටි Studentsලගෙන් ඉගෙන ගන්න

GMOA එක ආයෙත් ස්ට්‍රයික් කරනවා. ඒකත් ටෝකන් එකක්. පරණ මාධ්‍ය නිවේදනයම ආයෙ දානවා. හදිසි සේවා ක්‍රියාත්මකයිලු, මේ මේ හොස්පිටල් වල වර්ජනය ක්‍රියාත්මක නෑලු. ආදී වශයෙන්. මේ ස්ට්‍රයික් කිරිල්ල, මේ මාධ්‍ය නිවේදන, මේ ඉල්ලීම්, එදාට ඕපීඩී හරි ක්ලින්ක් හරි ගිහින් රස්තියාදුවෙලා එනගමන් මයික් එක අල්ලපුවහම මිනිස්සු බනින බැනිලි…. මේවා ලංකාවේ අපිට අතිශය සාමාන්‍ය දේවල් වෙලා… ඒවට තියන පුවත් වටිනාකමත් එකම මට්ටමක තියෙන්නෙ. නිවුස් වල උනත් මේක උපුටලා දක්වන්නෙ ඒ වර්ජනයෙ මූලික ඉල්ලීම් වලට වඩා ඒකෙ තියන බලපෑම පෙන්වන්න. මිනිස්සුන්ගෙ ඔලු වලට යන්නෙ ඇයි ඩොක්ටර්ස්ල ස්ට්‍රයික් කරන්නෙ කියන එකට වඩා මුන් කොච්චර අගතිගාමීද? මුන් මහ ත්‍රස්තවාදී සෙට් එකක්නෙ වගේ අදහසක්. 

ඒ ප්‍රධාන මාධ්‍ය. මීට සමගාමීව තියන සමාජ ජාලා, ප්‍රධාන වශයෙන් ෆේස්බුක් වල තත්වය මීට වඩා අලසයි. බෝරින්… ඔයාලගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේඩොක්ටර්ස්ල කීපදෙනෙක් හරි ඉන්නවා නම් මේක හොඳටම දකින්න පුලුවන් වෙයි. මෙහෙම ස්ට්‍රයික් කරද්දි ඒකට ප්‍රතිරෝධය විදියට එන බැනුම් විචාර වලට ඒගොල්ලො ( ඩොක්ටර්ස්ල) මුහුණදෙන හැටි හරිම ප්‍රාථමිකයි. ෆේස්බුක් වල එයාලට බනිනකොට දෙන උත්තර දිහා බලන්න. නිකම්ම තේරෙයි. අනිත් කාරණය  වෛද්‍ය වරුන්ට සම්බන්ධ කිසිම ෆේස්බුක් ප්ලැට්ෆෝම් එකකින් (සරලවම කියනව නම් පේජ් එකකින් හරි ගෲප් එකකින් හරි) මේ සම්බන්ධ නිර්මාණාත්මක දෙයක් කෙරෙන්නෙ නෑ. මේ සම්බන්ධ මහජන අවධානය දිනා ගන්න විදියෙ සිමපල් වැඩක් වත් කෙරෙන්නෙ නෑ. ඒවගෙන් කෙරෙන එකම දේ තම තමන්ගෙ ආතල් එකට මොනවා හරි හදාගෙන ඒවා තමන්ගෙ පිරිස අතරෙ පමණක් බෙදාගෙන පාඩුවෙ ඉන්න එක. ස්වයං වින්දනයෙ යෙදෙන එක. 

මේ තත්වය ඉස්සර ශිෂ්‍යයො අතරත් තිබුනා. ඒගොල්ලො යන පිකට් එකම විදිහටයි තිබුනෙ. එකම විදිහෙ සටන් පාඨ, එක විදියෙ පෝස්ටර්, එකම විදියෙ කටවුට්. පිකට් එකක් කියපුවාම හිතට මැවෙන පින්තූරයක් හැමෝගෙම හිත් වල තිබුනා. මිනිස්සුන්ට කොලඹ පිකට් කියන එක කරදරයක් මදිවට බෝරින් , කිසිම ත්‍රිල් එකක් නැති වැඩක් වෙලා තිබුනෙ. එකම බැනර් ටිකක් උස්සගෙන, එකම සටන් පාඨ ටිකක් කියව කියව, එකම පාරවල් ටිකක් දිගේ කොල්ලුපිටියට ඇවිත් වතුර පාරවල් ටිකක් කාලා පොලිසියට බැනලා අඬලා යන එක නිවුස් වල දකින එක මිනිස්සුන්ට ටීවී එකේ සප්නා හරි ඉශිතා හරි බලනවා වගේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුනේ. ෆේස් බුක් වලත් එයාලගෙ ( ශිෂ්‍යයන්ගෙ) ක්‍රියාදාමය එක වගේ වෙලා තිබුනේ…… හැම පිකට් එකකටම පස්සෙ දවසෙ පොලිසියෙන් ගහන සීන් එකකට හරි කට්ටියක් එකතුවෙලා වතුර පාරක් කන සීන් එකකට හරි පේලි හයක විතර ඇඬෙන නිසදසක් ලියලා ශෙයා කරන එක හරිම කොමන් වැඩක් වෙලා තිබුනෙ. ඒ තරමට ස්ටිරියෝ ටයිප්. 

මට හිතෙන්නෙ එයාලටම ඒ වැඩේ බෝරි උනා. පිකට් එකක් කියලා කියනකොටම අර පරන විදිය මතක් වෙලා උන්ටම ඒක ඔක්කාරෙට එන්න ඇති. ඒ නිසාද කොහෙද දැන් ටික ටික පිකට් වැඩේ වෙනස් වෙලා… ප්‍රතිරෝධය හෝ විරෝධතාවය දක්වන්න වෙන ක්‍රම නැත්ද කියලා හොයන්න අරන්. මීඩියා වල ඇටෙන්ෂන් එක ගන්න, ෆෙස් බුක් වල ශෙයා කරන්න හිතෙන, අනිත් මිනිස්සුන්ටත් බලන්න/ කියවන්න හිතෙන දේවල් දැන් දැන් මේ පොඩි උන් අතින් එලියට එන්න අරන්… පරණ වමේ අරගලය මහ පාරෙන් පොඩ්ඩක් අයිනට අරන් කල්පනා කරන්න අරන්. වෙන කොහෙන් හරි කොපි කරලා හරි කමක් නෑ මේ වෙන වැඩේ මට නම් අතිශය කූල්. 

මට පේන හැටියට වැඩේ පටන් ගත්තේ මොරටුව සෙට් එක. ( ලංකාවෙ අනික් කැම්පස් වලට වඩා මොරටුව ගව් ගානක් දුරින් ඉන්නෙ ) 

Guy Fawkes Mask එක ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලට ගෙනාවෙ උන්. ඒ වගේම බෝරින් වෙලා තිබුන SAITM විරෝධයට නැවත පණ ගහලා පබ්ලිසිටියක් ගෙනත් දුන්නෙ උන්. හොඳට හෝ නරකට බැනුම් අහලා හරි නැතුව හරි උන් අලුත් වැඩක් ලස්සනට කරලා පෙන්නුවා.. ෆේස්බුක් එකේ මේකට බනින්න ගත්තා, හැම පේජ් එකක්ම වගේ මේ වැඩේ ගැන තමන්ගෙ දැක්ම ප්‍රකාශකරන්න ගත්තා… අනිත් රටවල් වල මීට කලින් මේ වගේ වැඩ කෙරිලා තියනවද කියලා හිතන්න ගත්තා, සයිටම් උනුත් මේකට උත්තර දෙන්න ඊලඟ මැච් එකේ ලෑස්ති වෙලා හිටියා…අන්තිමේදි මේ රැල්ල දුර දිග ගිහිල්ලා ස්ටේඩියම් එකෙන් නීතියක් ගෙනාවා එහෙම විරෝධතා ප්‍රදර්ශනය කරන්න දෙන්න බෑ කියලා… ඉතින් ලැබුන පබ්ලිසිටිය මදිද??

මේ විදියෙ වැඩ කිහිපයක්ම ඊට පස්සෙ කෙරුනා. රෑ තිබුන පිකට් එක මාර eye-catching වැඩක්. ඊට පස්සෙ එකකට එකක් සම්බන්ධවෙන විදියට පාර දිගේ බෝඩ් අල්ලගෙන හිටපු උද්ගෝෂණයක් තිබුනා හරියටම තැන මතක නෑ.. ඒ වගේ අදහසක් හරිම වෙස්ටර්න්.. වෙනදා දහ දාහක් දෙනා ඇවිත් අල්ලගෙන හිටියත් කියවන්නෙ නැති බෝඩ්ස් එදා මිනිස්සු කියවන්න ඇති… 

ෆේස් බුක් එකෙත් ලකුණු සීයෙන් අනූ ගනන් දෙන්න පුලුවන් වැඩ කිහිපයක් කෙරෙනවා පේනවා… පේජ් කිහිපයක් මේ වැඩේ ඉදිරියෙන් ඉන්නවා.. පොඩි පොඩි වීඩියෝ කෑලි තම තමන්ට පුලුවන් විදියට හදලා අප්ලෝඩ් කරනවා.. වැඩිපුරම දැක්කෙ Know Saitm පේජ් එකේ…. ඒවා ඇත්තටම සයිටම් වලට පක්ෂ අයත් බලනවා.. මග අරින්න හිතෙන්නෙ නෑ.. මේ විෂුවල් වැඩ පටන් ගැන්මක් විදියට අදහස මාර ක්‍රියේටිව්. ඉස්සරහට වෙන්න තියෙන්නෙ ඒ මාධ්‍යයෙන් තව තව වැඩ කෑලි දාන එක තමයි. තව ලස්සන වැඩක් දැක්කා…..සාමාන්‍යයෙන් ස්ට්‍රයික් කරන ඩොක්ටර්ස්ල එපැයි එයාලා ඇයි ස්ට්‍රයික් කරන්නෙ කියලා සමාජයට කියන්න. නමුත් මේ වැඩේටත් අතගහලා තියෙන්නෙ මල්ලිලා ටිකක්. උන් පුලුවන් විදියට කැමරා එකකුයි මයික් එකකුයි හොයාගෙන ඩොක්ටර්ස්ල කීප දෙනෙක් ඉන්ටවිව් කරලා පොඩි documentary එකක් හදලා. මතක හැටියට තිබුනෙ Abolish Saitm පේජ් එකේ. හරි නම් මේ වැඩේ කෙරෙන්න ඕනෙ GMOA එක අතින්. එහෙම අනුන්ගෙ වැඩත් කරගෙන මේ විරෝධයත් ක්‍රියේටිව් විදියට ඇදගෙන යන මේ පොඩි එවුන් ගැන මට තියෙන්නෙ මාර රෙස්පෙක්ට් එකක්. 

GMOA එක ඒ අතින් ගොඩක් පසුගාමියි. අයිඩියාස් අතින් ක්‍රියේටිවිටි අතින් ගොඩක් දුප්පත්. හැමදාම එක විදියට ස්ට්‍රයික් කරන්නෙ නැතුව, එකම විදියට press conference වලදි තග දාන්නෙ නැතුව, එකම විදියට ෆේස්බුක් වල වැඩ කරන්නෙ නැතුව අලුතෙන් හිතන්න කාලය දැන් ඇවිත්. මේ වැඩේ ගොඩ දාන්න ඕනෙම නම් ස්‍ට්‍රයික් නොකර ගොඩ දාන විදි ඕනෙ තරම් ඇති. ඒවා හොයාගන්න ඕන නම් පොඩ්ඩක් අලුත් විදියට හිතන එකයි තියෙන්නෙ.  එහෙම හිතන අයට පොඩ්ඩක් ඉඩ දෙන්නත් ඕනෙ. ස්ට්‍රයික් කරන්න්න්න්න්න්න්න්න්න්නම ඕනෙ නම් ඒකත් අලුත් විදියකට කරන්න. තවත් මිනිස්සුන්ට බොරින් වෙන්න එපා..

3 thoughts on “GMOA මහත්වරුනි.. පොඩ්ඩක් හරි ක්‍රියේටිව් වෙන හැටි Studentsලගෙන් ඉගෙන ගන්න”

  1. Machan ubath AL karana kale hodata padam kalanam DOCTOR kenek wenna thibuna.
    Dan ubata bari una sihinaya wenuwen BLOG POST liya liya adanna epa ban.

    Like

Leave a comment

Discover WordPress

A daily selection of the best content published on WordPress, collected for you by humans who love to read.

The Daily Post

The Art and Craft of Blogging

WordPress.com News

The latest news on WordPress.com and the WordPress community.