පළමු ලිපියෙන් ලංකාවේ මිනිස්සුන්ගෙ ආයතන ගත වෙන්න තියන ආසාව රෝගීන් ආශ්රයෙන් සාකච්ඡා කලා. මේ ලිපියෙන් ඒ ගතිය වෙනස් කරන්නෙ කොහොමද කියලා කතා කරනවා.
මේ හැසිරීමට හේතුව ලෙස විස්තර කලේ ස්වාධීනව තීරණ ගැනීමේ නොහැකියාව සහ මැලි කම. එතකොට මේ ප්‍රශ්නයට උත්තරේ විදියට තියෙන්නෙ මේ “ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව ” ඇති කරන්නෙ කොහොමද කියන කාරණය මතයි.
මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. කෙටි කාලයකින් කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. කෙනෙක්ට ස්වාධීනව තීරන ගැනීමේ බලයක් ඇති කරන්න නම් ඒක හරි විදියට කරන්න ඕනෙ. ඒක වල්බූරු නිදහසක් විදියට දෙන එක භයානකයි. යම් ස්වාධීනත්වයක් ඇතිකරගන්න නම් ඒ ස්වාධීන වෙන කෙනාට තමන් විසින් ගන්නා තීරණවල බර ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ. එහෙම බර ගැන අවබෝධයක් ලැබෙන්න නම් තීරණ ගැනීමේ පසුබිම හරියට සකස්වෙලා තියෙන්න ඕනෙ. මේ පසුබිම තමා අධ්‍යාපනය.
විධිමත් හා අවිධිමත් කියන අධ්‍යාපන ක්‍රම දෙකම මේකෙදි ප්‍රයෝජනයට ගන්න පුලුවන්. මූලිකවම පාසල් අධ්‍යාපනයේදී සෞඛ්‍යය ගැන මූලික දැනුමක් ලබාදීම අනිවාර්යය කරුණක්. මේ දැනුම හුදෙක් සිද්ධාන්තමය කරුණු වලට එහා ගිය ප්‍රායෝගික, ව්‍යවහාරික ( applicable ) දැනුමක් විය යුතුයි. Fundamentals ගැන අවබෝධයක් ලැබීම කෙනෙක්ගෙ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කරාවි. මේ පාසල් අධ්‍යාපනයේදී අනිවාර්යයෙන් ලැබියයුතු තවදෙයක් තමා සෞඛ්‍යයට සම්පත් කාර්යක්ෂව භාවිතයට ගන්නේ කෙසේද කියන කාරණය. මේක ඇත්තටම සෞඛ්‍යය පැත්තෙන් විතරක් නෙමේ එදිනෙදා ජීවිතයේදී යෙදෙන ඕනෑම කාරණයක් වෙනුවෙන් පාවිච්චි කරන්න ගන්න පුලුවන්. අපේ අධ්‍යාපන ක්‍රමයෙදි නොකෙරෙන්නෙත් ඒක. අපිට සේවා ලබා ගන්න තියන ආයතන යාන්ත්‍රණ මොනවද, ඒවයින් සේවා ලබා ගන්නා ආකාර මොනවද, තියන සීමා මොනවද, අඩුපාඩු මොනවද කියන දැනුම ප්‍රායෝගික තලයෙන් ලබා දීමක් සිදුවෙන්නෙ නෑ. උදාහරණයක් හැටියට බැංකුවකට ගිහින් වැඩක් කරගන්නෙ කෙහොමද, රාජ්‍ය ආයතනයකට ගිහින් වැඩක් කරගන්නෙ කොහොමද, රටේ තියන විව්ධ රජ්‍ය ආයතන වල විවිධ සේවා බෙදිලා යන්නෙ කොහොමද වගේ කාරණා සියලු දෙනාම දැන ගන්නෙ පාසල් අධ්‍යාපනය හරහා නෙමේ තම තමන්ගෙම අත්දැකීම් හරහා. මේ හේතුව නිසා මේ සේවාවන් අපතේ යන අවස්ථා බොහෝයි. සෞඛ්‍යය පැත්ත ගත්තම මේ තත්වය අන්තිමයි.
මූලිකවම මේ විධිමත් අධ්‍යාපනය මිනිසුන්ගෙ සාක්ශරතාව ( අකුරු කියවීමේ ලිවීමේ හැකියාවම නෙමේ ) දියුණු වුනාම මේ ප්රශ්නය නිකන්ම හරියයි. නමුත් ඒ වෙනකම් දශක ගානක් බලන් ඉන්න වෙනවා. මේ ක්‍රියාදාමය ඉක්මන් කරන්න අවිධිමත් අධ්‍යාපනය උදවු කරගන්න පුලුවන්. මේකට මිනිසුන්ගේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඇති අවස්ථා පුලුල් කරන්න වෙනවා. මේ අවස්ථාවලට යම් මිලක් ගෙවීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. එසේ “මිල ” කියන සාධකය “සේවාවට” ඉදිරියෙන් වැටුනම මේ “සේවාව” ලබාගැනීමට ස්වයං අධ්‍යනයක් කරන එක සේවාව ලබා ගන්න කෙනාට අනිවාර්යයෙන්ම කරනවා. මොකද ඒ සේවාවෙ ප්රයොජ්ය වටිනකම ගෙවන්නෙ තමා විසින්ම නිසා ඒ තක්සේරුව නිවැරදිද යන්න තමන් විසින්ම සොයාබලන්න සිද්ද වෙන නිසා. ඒක තමා නියමම අවිධිමත් අධ්‍යාපනය. මේක නොමිලේ ලැබෙන සේවයකදි කෙරෙන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් නොමිලේ ලැබෙන රෝහල් සේවාවකදි ඒ සේවාවෙ වටිනාකම ගෙවන්නෙ තමන් නොවන නිසා එතනදි ඒකෙ ප්රයෝජ්ය වටිනාකම තක්සේරු කරන එකේ බරක් තමන්ට දැනෙන්නෙ නෑ. අධ්‍යාපනයෙ අවශ්‍යතාවයක් එතනදි මතු නොවෙන්නෙ ඒ නිසා. සේවාවන් පෞද්ගලිකකරණය කිරීම ධනාත්මක වෙන්නෙ ඒ අර්ථයෙන්.
සේවාවන් පුද්ගලිකකරණය වීම ලංකාවෙ සෞඛ්‍යය පැත්තෙන් ගත්තම ගොඩක් දුර්වල අවධියක තියෙන්නෙ. මේක රාජ්‍ය එහෙමත් නැත්නම් නිදහස් සෞඛ්‍ය සේවයෙන් වෙනස් වෙන්නෙ බොහොම පොඩ්ඩකින්. නමුත් මම මේක දකින්නෙ නිදහස් වෙලඳපොල පරිණාමයේදි ලංකාව පෙන්නුම් කරන හෙමින් ගමනෙම තව එක අංගයක් විදියටයි. හෙමින් උනත් ලංකාව කවදහරි හොඳ වෙලඳපොලක් බිහිකරන එක අනිවාර්යයි. සරල නිරීශණයක් විදියට මේ වෙනකොට අන් සියලු භාණ්ඩ හා සේවාවන් වල පුද්ගලික අංශය අත්පත් කරගෙන තියන දියුණුව දැනට අවුරුදු දහයකට විතර කලින් වෙලඳපොලත් එක්ක සන්සන්දනය කරලා බලන්න පුලුවන්. මේ කාරණයෙදි කෙනෙක්ට වෙලඳපොලේ තියන බාල ප්‍රමිතියෙන් තොර තැන් පෙන්වල දෙන්න පුලුවන්. නමුත් ඒවා නුදුරු අනාගතයේදී ක්ශීන වෙලා යන්න නියමිතයි. නමුත් කොච්චර හොඳ වෙලඳපලක උනත් මේ වගේ යම් යම් බාල දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්. කලයුත්තෙ මේ දේවල් හැකිතාක් අවම කරගන්න , ඒවා වෙලඳපල විසින්ම ප්‍රතික්ශේප වෙන්න දියුණු වෙලඳපොලක් බිහිකරන එක. එහෙම නැතුව ආපහු සියල්ල රාජ්‍යකරණය කරන එක නෙමේ.
මේ දියුණු නිදහස් වෙලදපොලක් ඇති කරගත්තට පස්සෙ මිනිස්සුන්ට සේවාවන් ලබා ගැනීමේදී තියන අවස්ථාපරමාණය වැඩි වේවි. අවස්ථා බහුවිධ වේවි. සෞඛ්‍යය පැත්තෙන් ගත්තම මිනිස්සුන්ට සෞඛ්‍ය සේවා ලබා ගන්න තියන තෝරාගැනීම් වැඩි වේවි. මේ තෝරාගැනීම් අතර තරඟය වැඩිවෙනකොට වඩා නිවැරදි තෝරාගැනීම කරන්න හොඳ අධ්‍යනයක් කිරීම අනිවාර්යයෙන් කරන්න වේවි. මේ විදියට සබුද්ධික විනිශ්චයක් ඇතුව සේවාවන් භාවිත කරන්න පටන් ගත්තම මිනිසුන්ට තමන්ගෙ සෞඛ්‍යය ගැන වඩා හොඳ තීරණ ගන්න හොඳ දැනුමක්, පුහුණුවක් ලැබෙයි. වඩා දියුණු ලෝකයකින් බලාපොරොත්තු වෙන්න ඕනෙ ඒකයි.
ඔව් සියල්ල බැඳ ඇති බැමි ලිහිල් කිරීම තමා විසඳුම.